xmlns:fb='http://www.facebook.com/2008/fbml'> පරිගණක අධ්‍යාපනය සිංහලෙන්: 2011

Wednesday, December 21, 2011

Microsoft Word 2007 - Lesson 01

මුලින්ම ස්තූති වන්ත වෙනවා comments දාලා මාව දිරිමත් කරලා අවශ්‍ය දේවල් කීවට. වැඩිදෙනෙක්ගෙ ඉල්ලීම අනුව මුලින්ම microsoft word 2007 පාඩම් මාලාව මුලින්ම ආරම්භ කරන්න හිතුවා. හැබැයි මං කියලා දෙන්නේ ඔයාලා අහන දේවල් විතරයි.

පාඩම 01 - ඔබගේ word document එක save කර ඇති ස්ථානය අදාල document එකේ පහලින් මුද්‍රණය කර ගන්නා ආකාරය. (සොයා ගැනීමේ පහසුව සඳහා)

පියවර 1 - මුලින්ම document එක save කරන්න.
පියවර 2 - Insert tab එකේ Footer තෝරන්න. මෙහිදී සියළුම පිටුවල save කළ ස්ථානය පෙන්වයි. document එකේ අවසානයේ පමණක් පෙන්වීමට අවශ්‍ය නම් Footer වලට නොගොස් document එක අවසානයේ කර්සර් එක තබන්න.
පියවර 3 - Design tab එකේ Quick Parts මෙනු එකේ Field තෝරන්න.



පියවර 4 - අළුතින් දිස්වන dialog box එකේ fields name හී FileName යන්න තෝරන්න.
පියවර 5 - Field Options හී Add path to filename ටික් කර OK කරන්න.

දැන් හොඳින් පැහැදිලි ඇති කියලා හිතනවා. ගැටළු තැනක් තියනවනම් comment එකක් දාන්න.

Friday, December 16, 2011

සිංහලෙන් පරිගණක දැනුම ලබා ගනිමු.

අලුතින් පටන් ගන්න මෙම වැඩසටහනට ඔබලාගේ අදහස් දැන ගැනීමට කැමතියි. ඔයාලට ඕන මොනවගේ පරිගණක දැනුමක්ද කියන එක දැනගන්න මම කැමතියි. අපි ටික ටික පරිගණක ගැන ඉගෙන ගමු. මුලින්ම ඔයාල comments දාලා අවශ්‍ය දේවල් ගැන ටිකක් කියන්න.