xmlns:fb='http://www.facebook.com/2008/fbml'> පරිගණක අධ්‍යාපනය සිංහලෙන්: Microsoft Excel 2010 - Lesson 06 - Insert Cell, Row & Column

Monday, June 20, 2016

Microsoft Excel 2010 - Lesson 06 - Insert Cell, Row & Column

පාඩම 06 - අළුතින් Cell, Row, Column එකතු කිරීම. 

1 : අළුතින් Cell එකක්  එකතු කිරීම. (මෙහිදී එක cell එකක් පමණක් insert වන අතර ඉතිරි cell පහතට හෝ දකුණට ගමන් කරයි.)  

පියවර 1 - අළුතින්  cell එක අවශ්‍ය තැන Cell Point එක තබා Right click කර Insert හෝ Home Tab එකෙහි Cells group හී Insert හී Insert Cells තෝරන්න.





පියවර 2 - පහත රූප සටහන පරිදි අළුතින් Cell එකක් අවශ්‍ය තැන සිට ඉතිරි දත්ත දකුණට අවශ්‍ය නම් පළමු Option එකද පහලට අවශ්‍ය නම් දෙවන Option එකද තෝරා OK කරන්න.





2 : අළුතින් Row එකක්  එකතු කිරීම.   

පියවර 1 - අළුතින්  Row එක අවශ්‍ය Row අංකය මත (වම් පස) Mouse pointer එක තබා Right click කර Insert  හෝ පහත රූප සටහනේ ආකාරයට  Home Tab එකෙහි Cells group හී Insert හී Insert Sheet Rows තෝරන්න. (ඉහත ආකාරයට දැක්වෙන රූපයේ Entire row  තේරීමෙන්ද අළුතින් Row එකක් ලබාගත හැකිය)




3 : අළුතින් Column එකක්  එකතු කිරීම.   

පියවර 1 - අළුතින්  Column එක අවශ්‍ය Column එකෙහි ඉංග්‍රීසි අක්ෂරය මත (ඉහළ) Mouse pointer එක තබා Right click කර Insert  හෝ පහත රූප සටහනේ ආකාරයට  Home Tab එකෙහි Cells group හී Insert හී Insert Sheet Columns තෝරන්න. (ඉහත 1 හි ආකාරයට දැක්වෙන රූපයේ Entire column  තේරීමෙන්ද අළුතින් Column එකක් ලබාගත හැකිය)





No comments:

Post a Comment