මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන්
මෙහෙයුම් පද්ධතියක් ගත් කළ එහි ප්‍රධාන කාර්යයන් කිහිපයක් යටතේ විස්තර කළ හැකිය.
මතක කළමනාකරණය (Memory Management)
පරිගණකය ඔස්සේ වැඩ කිහිපයක් සිදු කිරීමේදී එම කාර්යයන් සඳහා ගැටුමකින් තොරව මතකය බෙදා වෙනකර දීම, වැඩි පිරිසක් භාවිතා කිරීමේදී ඔවුන් අතර ගැටුමක් නොවන ආකාරයට මතකය වෙන්කර දීම මෙන්ම යම්කිසි වැඩ කොටසක් නිදහස් වූ පසු ඒ සඳහා වැයවූ මතකයන් නිදහස් කර වෙනත් කාර්යයක් සඳහා යෙදවීම මතක කළමනාකරණය ලෙස අර්ථ දැක්වීමට පුළුවන
ක්‍රියාවලි කළමනාකරණය (Process Management)
මධ්‍ය සැකසුම් ඒකකය Central Processing Unit (CPU) තුලදී එක් අවස්ථාවකදී ක්‍රියාත්මක වන යම් වැඩසටහනක කොටසක් ක්‍රියාවලියක් ලෙස හැඳින්වීමට පුළුවන. මෙම වැඩසටහන් කිහිපයකට අයත් ක්‍රියාවලි යම් තෝරා ගත් පිළිවෙලකට එක් වරකට එක බැගින් ක්‍රියාත්මක කිරීම ක්‍රියාවලි කළමනාකරණය ලෙස හැඳින්වීමට පුළුවන.
උපාංග කළමනාකරණය (Device Management)
පරිගණකය හා සම්බන්ධ උපාංග (Keyboard, Mouse, Printers, etc..) වල ක්‍රියාකාරී වේගය, දත්ත සහ තොරතුරු ප්‍රමාණය, අරමුණු, තොරතුරු ගලා යාමේ දිශාව, තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට භාවිතා වන සන්නිවේදනය නීති. (Communication Protocol) වැනි විවිධාකාර පැති ඔස්සේ කළමනාකරණය කිරීමයි.
ගොනු කළමනාකරණය (File Management)
ගොනු යනු ස්ථීර ලෙස දත්ත සහ තොරතුරු පරිගණකයේ දෘඩ තැටිය තුල ගබඩා කරන ආකාරයයි. ගොනු සෑදීම, ඒවා නම් කිරීම. ගොනු ක්‍රමානුකූලව තබා ගැනීම, ගොනුවට ප්‍රවේශ වීම සහ ආරක්ෂා කිරීම ගොනු කළමනාකරණයයි.
ආරක්ෂණ කළමනාකරණය (Security Management)
පරිගණක පද්ධතියකට බාහිරව හා අභ්‍යන්තරව සිදුවිය හැකි අවධානමින් ආරක්ෂා කර ගැනීම මෙහිදී සිදුකරනු ලබයි. අනවසර පිවිසෙන්නන් වැලැක්වීමට සඳහා යොදන යූසර් නේම්(user name) සහ පාස් වර්ඩ් (Password) මෙහිදී වැදගත් කාර්යයක් ඉටුකරයි.
No comments:
Post a Comment