xmlns:fb='http://www.facebook.com/2008/fbml'> පරිගණක අධ්‍යාපනය සිංහලෙන්: February 2015

Friday, February 27, 2015

Data Base

දත්ත පද්ධතිය Data Base


සංවිධානාත්මකව ගබඩා කර ඇති දත්ත සමූහයක් Database එකක් ලෙස පෙන්වා දිය හැකිය. මෙම දත්ත උපයෝගි කොට ගෙන වෙනස් කිරීමකින් තොරව යම් කිසි තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතුය. උදා: දුරකථන නාමාවලිය, ආයතනයක නිලධාරින්ගේ දත්ත

Disk Cleanup

Disk Cleanup දෘඩ තැටිය පිරිසිදු කරගැනීම


පරිගණකයේ දෘඩ තැටිය ක්‍රමවත්ව සකස් කර අනවශ්‍ය ගොනු (Compression of old files, Temporary Internet files, Temporary Windows files, Downloaded program files, Recycle Bin, Removal of unused applications or optional Windows components, Setup log files, Offline web pages (cached)) ඉවත් කර තැටියේ අවශ්‍ය ඉඩ ප්‍රමාණය ලබා ගැනීම සඳහා මයික්රොසොෆ්ට් සමාගම විසින් වින්ඩෝස් පද්ධතියට ඇතුලත් කර ඇති වැඩසටහන්ක් වේ.

මේ සඳහා Start > Run > වෙත ගොස් cleanmgr.exe ලෙස type කර Enter කර අවශ්‍ය drive එක select කරන්න.

මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන්

මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන්


මෙහෙයුම් පද්ධතියක් ගත් කළ එහි ප්‍රධාන කාර්යයන් කිහිපයක් යටතේ විස්තර කළ හැකිය.

මතක කළමනාකරණය (Memory Management)

පරිගණකය ඔස්සේ වැඩ කිහිපයක් සිදු කිරීමේදී එම කාර්යයන් සඳහා ගැටුමකින් තොරව මතකය බෙදා වෙනකර දීම, වැඩි පිරිසක් භාවිතා කිරීමේදී ඔවුන් අතර ගැටුමක් නොවන ආකාරයට මතකය වෙන්කර දීම මෙන්ම යම්කිසි වැඩ කොටසක් නිදහස් වූ පසු ඒ සඳහා වැයවූ මතකයන් නිදහස් කර වෙනත් කාර්යයක් සඳහා යෙදවීම මතක කළමනාකරණය ලෙස අර්ථ දැක්වීමට පුළුවන

ක්‍රියාවලි කළමනාකරණය (Process Management)

මධ්‍ය සැකසුම් ඒකකය Central Processing Unit (CPU) තුලදී එක් අවස්ථාවකදී ක්‍රියාත්මක වන යම් වැඩසටහනක කොටසක් ක්‍රියාවලියක් ලෙස හැඳින්වීමට පුළුවන. මෙම වැඩසටහන් කිහිපයකට අයත් ක්‍රියාවලි යම් තෝරා ගත් පිළිවෙලකට එක් වරකට එක බැගින් ක්‍රියාත්මක කිරීම ක්‍රියාවලි කළමනාකරණය ලෙස හැඳින්වීමට පුළුවන.


User Interface

පරිශීලක අතුරු මුහුණත (User Interface)


පරිගණක මෙහෙයුම් පද්ධතියක් සැලකීමේදී පරිශීලක අතුරු මුහුණත (User Interface) වර්ග දෙකක් ලෙස දැක්වීමට පුළුවන.

1. විධාන පේලි අතුරු මුහුණත Command Line Interface (CLI)

පරිගණක තිරයේ දක්නට ලැබෙන command prompt තුල අපට අවශ්‍ය උපදෙස් හා විධාන සිදුකළ යුතුය. මෙම ක්‍රමයේදී විධානයන් තම මතකයේ තබාගත යුතුවේ. අතීතයේදී පරිගණකවල භාවිතාවූයේ මෙම ක්‍රමයවේ.

උදා:- MS DOS


Tuesday, February 24, 2015

What is a Windows Operating System?

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් යනු කුමක්ද?


මෙහෙයුම් පද්ධතියක් යනු පරිගණක සම්පත් කළමණාකරණය කර ක්‍රමලේඛකරුවන්ට / පරිශීලකයන්ට එම සම්පත්වලට ප්‍රවේශ වීමට අතුරු මුහුණත් සපයන මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතියක් පද්ධති දත්ත හා පරිශීලක ආදාන සකසා පරිශීලකයන්ට හා පද්ධති ක්‍රමලේඛවලට සැපයීම සදහා වැඩ කටයුතු හා අභ්‍යන්තර පද්ධති සම්පත් කළමනාකරණය කරමින් ප්‍රතිචාර දක්වයි. මෙහෙයුම් පද්ධතියක්, මතකය පාලනය හා වෙන් කිරීම , පද්ධති ඉල්ලීම්වල ප්‍රමුඛතාව සැකසීම , ආදාන ප්‍රතිදාන උපකරණ පාලනය , පරිගණක ජාලකරණයට පහසුකම් සැලසීම හා ගොණු කළමණාකරණය වැනි මූලික කරුණු ඉටු කරයි. මෙහෙයුම් පද්ධතියක් පුද්ගලික පරිගණක , අන්තර්ජාල සේවාදායක , ජංගම දුරකතන , සංගීත ධාවක , රවුටර් , ස්විච , රැහැන් රහිත ප්‍රවේශ ස්ථාන (access point) , ජාල ගබඩා , ක්‍රීඩා කොන්සෝල , ඩිජිටල් කැමරා , මහන යන්ත්‍ර හා දුර දක්න වැනි සංගෘහිත පරිපථ යොදා ගෙන සාදනු ලබන සෑම දෙයකම පාහේ සොයා ගත හැක.