xmlns:fb='http://www.facebook.com/2008/fbml'> පරිගණක අධ්‍යාපනය සිංහලෙන්: Easy way for protection your data in Computer - ඔබ පරිගණකයේ දත්ත ආරක්ෂා කරගැනීමට පහසු මගක්

Friday, February 17, 2012

Easy way for protection your data in Computer - ඔබ පරිගණකයේ දත්ත ආරක්ෂා කරගැනීමට පහසු මගක්

මේ සඳහා අවශ්‍ය මෘදුකාංගය Winlock වේ. මෙය ඔබට www.crystaloffice.com/winlock වෙබ් අඩවියෙන් නොමිලයේ download කර ගැනීමට පුළුවන. Winlock මගින් ඔබට ලබාගත හැක ප්‍රයෝජන වලින් කිහිපයක්.
1. Folder ආරක්ෂා කරගැනීම.
2. Drivers (Hard dish partition. (Eg. C:, D:, E:)) සඟවා තැබීම.
3. Pen Drive, DVD භාවතා කල නොහැකි ලෙස USB Disable කර තැබීම.
4. පරිගණකය තමන්ට කැමති වේලාවකදී Shutdown කරවීම.
5. Desktop වෙනස් කිරීම ඇහිරීම.
Download කරගත් winlock.exe ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න. අනතුරුව ඔබට එය System Tray එකෙහි පහත ආකාරයට දැක ගත හැකිය.




එම අයිකනය ඩබල් ක්ලික් කර මෙම මෘදුකාංගය පහත ආකාරයට Open කර ගන්න.

ඉන් පසුව එහි General හී Protection වෙත පිවිසෙන්න. දැන් Enable protection ඉදරියෙන් Tick කරන්න. අනතුරුව පහතින් Password එකක් ලබාදෙන්න. මෙම මෘදුකාංගය Open කරන සෑම විටකම මෙම Password එක ලබාදිය යුතුය.
Drivers සැඟවීම :මුලින්ම බලමු ඔබගේ රහස්‍ය දත්ත ඇති Drives සඟවන ආකාරය. උදාහරණයක් ලෙස ඔබගේ දත්ත ඇති D: සැඟවිය යුතු යැයි සිතමු. මෙහිදී කළ යුත්තේ System හී Drives ක්ලික් කර D: වල ඇති Tick එක ඉවත් කර පරිගණකය Restart කිරීම පමණි.
Pen Drive හා DVD භාවිතා කිරීමට නොහැකි වන සේ පරිගණකය සැකසීම. : මෙහිදී කළ යුත්තේ System හී Drives ක්ලික් කර Removable Storage හි ඇති Tick එක දැමීම කර පරිගණකය Restart කිරීම පමණි.
මීට අමතරව පරිගණකය ආරක්ෂා කර ගැනීම සඳහා විශාල සේවාවක් ලබාගත හැකි මෘදුකාංගයක් ලෙස මෙම Winlock මෘදුකාංගය පෙන්වාදීමට පුළුවන.


No comments:

Post a Comment