xmlns:fb='http://www.facebook.com/2008/fbml'> පරිගණක අධ්‍යාපනය සිංහලෙන්: Microsoft Word 2007 - Lesson 02 - How to create difference page setup in same word file

Friday, August 17, 2012

Microsoft Word 2007 - Lesson 02 - How to create difference page setup in same word file

පාඩම 02 - ඔබගේ word document එකෙහි Orientation කිහිපයක් (Landscape / Portrait) භාවිතා කිරීම.

පියවර 1 - මුලින්ම document එක Open කරන්න.

පියවර 2 - සාමාන්‍යයෙන් word document එකෙහි Orientation එක පිහිටන්නේ Portrait ලෙසයි. එය අපට word document එකෙහි ඕනෑම අවස්ථාවක Landscape ලෙස වෙනස් කල හැකිය. පහත රෑප සටහනේ දැක්වේ.



පියවර 3 - නමුත් මෙහි වැදගත් වන්නේ එකම word document එකෙහි  (Landscape / Portrait) යන දෙකම භාවිතා කිරීමයි. 
උදා හරණයක් ලෙස අපට 05 ක word document එකක් ඇතැයි සිතමු. එහි පළමු පිටු 02 සාමාන්‍ය පරිදි   Portrait  ආකාරයට ද, 03 වන පිටුව Landscape ලෙසද ඉතිරි පිටු 02 නැවත  Portrait  ලෙසද සකස් කල යුතු සිතමු. මෙය සිදුකරගන්නා ආකාරය පියවරෙන් පියවර ඉගෙනගමු.

 1. පළමු පිටු 02 Portrait  නිසා කිසිදු වෙනසක් සිදු කළ යුතු නොවේ.
 2. තුන්වන පිටුවේ ආරම්භක ස්ථානයේ කර්සර් එක තබන්න. පසුව පහත රෑපයේ රවුම්කර දක්වා ඇති Page Layout Tab එකෙහි කුඩා ඊතලය click කරන්න. 


 3. එවිට Page Setup Dialog Box එක දිස්වේ. එහි Orientation එක  Landscape ලෙසද  Apply to යන්න This point forward ලෙසද වෙනස් කර OK කරන්න. පහත රෑපය පරිදි.


 4.  දැන් 03 පිටුවේ සිට අවසන් පිටුව දක්වා  Landscape වී ඇති බව ඔබට පෙනේවි. එහෙත් අපගේ උදාහරණයට අනුව ඔබට අවශ්‍ය වන්නේ 04 සහ 05 පිටු නැවත  Portrait ලෙස සකසා ගැනීමටයි. 

 5. නැවත කර්සර් එක 04 පිටුවේ මුල තබා ඉහත ආකාරයටම  Page Setup Dialog Box එක ලබාගෙන එහි Orientation එක Portrait  ලෙසද  Apply to යන්න This point forward ලෙසද වෙනස් කර OK කරන්න.

 6. දැන් ඔබට පැහැදිලි ඇති එකම word document එකෙහි Orientation එක වෙනස් කර භාවිතා කරන ආකාරය.

දැන් හොඳින් පැහැදිලි ඇති කියලා හිතනවා. ගැටළු තැනක් තියනවනම් comment එකක් දාන්න. ඔබ මෙම ලිපි කියවා comment එකක් දමා යන්න අමතක කරන්න එපා. එය මෙම පාඩම් මාලාව සාර්ථක කරගැනීමට රුකුලක් වනු ඇත.



1 comment: