පාඩම 03 - ඔබගේ word document එකට Image / Photo එක් කිරීම හා එය අවශ්‍ය ස්ථානයන්ට ගෙනයාම (move).
පියවර 1 - මුලින්ම document එකට අවශ්‍ය Image / Photo එක Insert කරන්න.
- Open කරගත් Document එකෙහි Insert Menu එකට ගොස් Picture Icon එක මත පහත පෙන්වා ඇති පරිදි මවුස් Click කරන්න.
- එහිදී පහත පරිදි Insert Picture ලෙස Dialog Box එකක් දිස්වේ. එහි තමන්ට අවශ්‍ය Picture එක ඇති ස්ථානයට ගොස් එය Select කර Insert Button එක Click කරන්න. එවිට පහත පරිදි දිස්වේ.
පියවර 2 - දැන් ඔබගේ Image එක word document එකෙහි දැකිය හැකිය. එහෙත් එය ඔබට අවශ්‍ය ආකාරයට එහා මෙහා move කල නොහැක. ඒ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.
- ඔබ විසින් Insert කරගත් Image එක මත මවුසය click කර එය select කර ගන්න.
- ඊළඟට Format Menu එකෙහි Text Wrapping යන Drop Down Button එක click කරන්න. එවිට Option කිහිපයක් දකින්ට ලැබේ. ඔබගේ අවශ්‍යතාවය පරිදි තෝරාගත යුතුය. උදාහරණ ලෙස Square යන්න යොදන ආකාරය පෙන්වන අතර ඔබ සියලුම Option යොදා එකින් එකෙහි වෙනස වටහා ගන්න.
- පහත රූපය ආකාරයට සිදුකරන්න.
- පසුව ඔබගේ Image එක මවුසය මගින් එහා මෙහා (drag) කර බලන්න. පහසුවෙන් ඕනෑම ස්ථානයකට ගෙනයා හැකි බව පෙනේ.
මෙය කියවීමෙන් පසු comment එකක් දමා යන්න අමතක කරන්න එපා. Microsoft Word හී ඔබට දැන ගැනීමට අවශ්‍ය දේ පවසන්න.
සිංහල භාශා word වලට ස්ථාපනය කරන්න. එතකොට සියල්ල සිංහලෙන්.
ReplyDeleteමේ සංහල වර්ඩ වලට ඉල්ලුම වැඩි කරන්න මේ කරල.
http://www.microsoft.com/si-lk/download/details.aspx?id=36528