Folder එකක් Share කරගන්නා ආකාරය
Folder එකක් Share කරනු ලබන්නේ Network එක තුළ ඇති පරිගණක කිහිපයක එකම දේ බෙදා ගැනීම සඳහාය. තම පරිගණකයේ ඇති Documents, Photos වැනි ඕනෑම දෙයක් වෙනත් කෙනෙකුට පහසුවෙන්ම ඔහුගේ පරිගණකයට යැවීම සඳහා Folder Share කිරීම කරනු ලබයි. මෙහිදී එකම Network එකක් තුළ විය යුතුය)
පියවර 1 - Share කළ යුතු Folder එක මත mouse එක right click කර දිග හැරෙන මෙනු එකෙහි share with යන්න තෝරන්න. එවිට දිග හැරෙන list එකෙහි Specific people යන්න තෝරන්න.
පියවර 2 - එවිට දිස්වන File Sharing නම් Dialog box හි Drop down list එකෙහි Everyone තෝරා Add Button එක Click කරන්න.
පියවර 3 - ඉන් පසුව Everyone ඉදිරියෙන් ඇති Permission Level එක Read/Write ලෙස වෙනස් කරන්න. නැතිනම් එම Folder එකෙහි කිසිවක් සිදු කිරීමට නොහැක.
පියවර 4 - අවසානයේ Share Button එක Click කිරීමෙන් අනතුරුව Done Button එක click කරන්න.
No comments:
Post a Comment